27.9 C
Galle

මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා රැසක් අලුතෙන් එක්වෙයි

Published:

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා නව පාඨමාලා 65ක් සහ පශ්චාත් උපාධි පාඨමාලා 90ක් නව අධ්‍යයන වර්ෂය සඳහා අලුතින් හඳුන්වා දී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

මේ බව කියා සිටියි කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් සඳහන් කළේ නව පීඨ 113ක්, අධ්‍යයන අංශ 49ක් අලුතෙන් ආරම්භ කර ඇති බවයි.

මූලික ආර්ථික විදයාව හා නිර්මාණාත්මක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය යන උපාධි පාඨමාලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලුතෙන් ආරම්භ වෙයි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව සහ ව්‍යාපාරික වාග් විද්‍යාව පාඨමාලාව ද වව්නියාව විශ්වවිද්‍යාලයේ බැංකුකරණය සහ රක්ෂණය පාඨමාලාව ද අලුතෙන් ආරම්භ කර ඇත.

මෙම පාඨමාලා සඳහා සිසුන් 50 බැගින් ඇතුළත් කරගැනීමට නියමිතය.

පරිගණක විද්‍යාව, මෘදුකංග ඉංජිනේරු විද්‍යාව සහ තොරතුරු පද්ධතිි යන පාඨමාලා ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ ආරම්භ කර තිබේ

Related articles

spot_img
error: Content is protected !!