31.1 C
Galle

දෙහැවිරිදි දරුවාගේ මරණය සැඟවූ තාත්තයි, දුවයි වසර 04කට පසු අත්අඩංගුවට

Published:

තම ගෙමිදුලේ දී දියණිය පැදවූ ත්‍රී රෝද රථයකට යට වී මියගිය අවුරුදු 02ක දැරියකගේ මරණය ‍වෙනත් අයකුගේ වරදක් ලෙස පෙන්වාදීමට උත්සාහ ගත් තාත්තා සහ දියණිය අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල මුතුමාල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 78ක් වන පියකු හා අවුරුදු 43ක් වන ඔහුගේ දියණියයි.

2018 මැයි මස 11 වැනි දා ඔවුන්ගේ නිවසේ තේ දළු නෙළීමට පැමිණි අසල්වැසි කාන්තාවකගේ සිගිති දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටිය දී දියණිය විසින් පැද වූ ත්‍රීරෝද රථයට යට වී මියගොස් තිබේ. දරුවාගේ සිරුර මාර්ගය අයිනේ තබා ඇය වෙනත් වාහනයකට යට වී මියගිය බව පොලිසියට පැවසීමට කටයුතු කර ඇති බව ද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසියේ කොටඨාස විමර්ශන අංශය විසින් සිදුකරන ලද දීර්ඝ පරීක්ෂණමාලාවකින් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

error: Content is protected !!