31.1 C
Galle

අධ්‍යාපනයට කියා යවා, රට රැකියා ලබාදෙන්නම් යැයි තුරුණ තරුණියන් රැවටූ අඹු සැමි යුවළ රිමාන්ඩ්

Published:

අධ්‍යාපන කටයුතු සඳහා බව පවසමින් තරුණ තරුණියන් විදේශගත කර තුර්කියේ සහ පෝලන්තයේ රැකියා ලබාදෙන බව කියමින් මුදල් වංචා කළ ආයතනයක හිමිකරුවන් දෙපළ අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Mara Study  Abroad නමින් ආයතනයක් පවත්වාගෙන ගිය අඹු සැමි යුවළකි. ඔවුන්ගේ මෙම ව්‍යාජ රැකියා නියෝජිත ආයතනය තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටුවා තිබිණි.

පෝලන්තයේ සහ තුර්කියේ රැකියා ලබාදෙන බව පවසමින් එක් අයකුගෙන් රුපියල් 550,000.00 බැගින් මුදල් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි 11ක් ලැබී තිබුණු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් පවසයි.

එම ස්ථානයේ වැටළීම් කරන අවස්ථාවේ දී විදේශ ගමන් බලපත්‍ර 11ක්, රිසිට් පොත් හතරක්, ප්‍රචාරක අත් පත්‍රිකා රැසක් ඇතුළු ලිපි ලේඛන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර අඹු සැමි යුවළ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 28 වැනි දා ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබන ජනවාරි 05 වැනි දා දක්වා රිමාන්ඩ් කර තිබේ.

Related articles

error: Content is protected !!