33.2 C
Galle

බල්ලන්ට විදින එන්නතක් මාතර දී ජර්මන් ජාතිකයකුට දුන් සිද්ධියේ වාර්තාව අද

Published:

බල්ලකුගේ සපා කෑමට ලක් වූ ජර්මන් ජාතිකයකුට බල්ලන්ට විදින එන්නතක් විදීම සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනයක වාර්තාව අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිතව තිබේ.

මාතර පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී මෙම එන්නත විද ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබුණේ එම වෛද්‍ය මධ්‍යස්ථානය අනුමැතියකින් තොරව පවත්වාගෙන ගිය ස්ථානයක් බවයි. එමෙන්ම රෝගියාට එන්නත ලබා දී ඇත්තේ වෛද්‍යවරයකුගේ අනුමැතියකින් තොරව බව ද වාර්තා වී තිබිණි.

මේ සම්බන්ධයෙන් මාතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මගින් කරන ලද විමර්ශනයේ වාර්තාව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අද ලබාදීමට නියමිතය.

එම වාර්තාව ලැබුණු පසු අදාල නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලිකක රෝහල් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!