31.1 C
Galle

අද කො‍ටස් වෙළෙඳ පොළ

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 21,307 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,886ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 57ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,489  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 408
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 245
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 183

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ටෙස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 116
  • ‍සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 40
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • හන්ටර් සහ ‍කම්පනි පීඑල්සී සමාගම 19%
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 17%
  • සමූපකාර රක්ෂණ සමාගම 14%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ටෙස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 105ක් රුපියල් 1.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 356
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 23ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 87ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 64ක මුදලක් කොටස් වෙළෙඳ ‍පෙළෙන් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ගලධාරී හෝටල් සමාගම රුපියල් මිලියන 09
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 0.9

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 65
  • ටෙස් ඇග්‍රෝ සමාගම රුපියල් මිලියන 06
  • රේණුක ඇග්‍රි සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!