33.2 C
Galle

විදේශිකයන් පිරිසක් ගාල්ලේ ‍බැංකු කොල්ලයක. බැංකු තුනකින් කෝටියකට වඩා පැහැරගෙන

Published:

විදේශිකයන් පිරිසක් විසින් ගාල්ලේ මහජන බැංකු ශාකා තුනකින් අද (30) අලුයම රුපියල් කෝටියකට  වැඩි මුදලක් කොල්ල කා ඇතැයි වාර්තා වේ.

මෙලෙස මුදල් කොල්ල කා ඇත්තේ මහජන බැංකුවේ හික්කඩුව, බද්දේගම සහ කරාපිටියේ පිහිටි  ටෙලර් යන්ත්‍රවලිනි.

හික්කඩුව ටෙලර් යන්ත්‍රයෙන් රුපියල් 4,880,000.00ක්, බද්‍දේගම ටෙලර් යන්ත්‍රයෙන් රුපියල් 5,800,000.00ක් සහ කරාපිටිය ටෙලර් යන්ත්‍රයෙන් රුපියල් 275,000.00ක් වශයෙන් රුපියල් 10,755,000.00ක් ඔවුන් විසින් පැහැරගෙන ඇතැයි දැනගන්නට ඇත.

අලුයම ටෙලර් යන්ත්‍ර අසළට පැමිණි ඔවුන් සියුම් ලෙස එම යන්ත්‍ර ගලවා මෙලෙස මුදල් කොල්ල කා ඇත. විදේශිකයන් හඳුනාගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!