33.2 C
Galle

අයිස් සොයා පාසල් බෑග් පරීක්ෂාව නතර කරන්න යැයි පොලිස්පති අණ දෙයි

Published:

අයිස් මත්ද්‍රව්‍ය ඇත්දැයි සෙවීමට පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම වහාම නතර කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සියලු පොලිස් ස්ථානවලට නියෝග කර තිබේ.

මත්ද්‍රව්‍ය ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් මිස පාසල් දරුවන් සතුව මත්ද්‍රව්‍ය ඇතදැයි සෙවීමට ඔවුන් පරීක්ෂා කිරීම අනවශ්‍ය කරුණක් බව ද පොලිස්පතිවරයා පවසා තිබේ.

පසුගිය දිනවල පාසල් දරුවන් අතර අයිස් මත්ද්‍රව්‍ය ඇතැයි කියමින් ඔවුන් පරීක්ෂා කිරීම‍ පොලිසියේ ද සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි. මනෝ වෛද්‍යවරු පවා මේ ක්‍රියාවට තරයේ විරුද්ධ වූ අතර බොහෝ දෙනකු කියා සිටියේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මෙම ක්‍රියාව ආරම්භ කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!