31.1 C
Galle

ගාලු අධිවේගී පිවිසුම අසළ අනතුරකින් විශ්‍රාමික ගුරුවර‍යෙක් මරුට

Published:

ගාල්ල අධිවේගී මාර්ග පිවිසුමේ නුගදූව හන්දිය අසළ දී අද (30) රාත්‍රී සිදු වූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහේෂ් ද සිල්වා නමැති 72 හැවිරිදි විශ්‍රාමික ගුරුවරයෙකි. වෙනත් රථයකින් පැමිණ මාර්ගය අයිනේ බැස අනතුරුව පාරේ අනෙක් පැත්තට මාරුවෙමින් සිටිය දී පැමිණි කාරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ඔහු එම ස්ථානයේ ම මියගොස් ඇති බව 1990 ගිලන් රථයකින් පැමිණි සෞඛ්‍ය සේවකයන් විසින් තහවරු කර තිබේ.

Related articles

error: Content is protected !!