33.2 C
Galle

මත්පැන් සාදයක ඝාතනයක්

Published:

ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාකියාදෙණියේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගයෙකි.

මත්පැන් බොමින් විනෝද වෙමින් සිටි පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සාදයට පැමිණ සිටි අයකු සාදය පැවැති නිවසේ හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බවත් උඩුගම පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!