27.6 C
Galle

පන්සල් ගිය පාසල් සිසුවියට අතවර කළ භික්ෂුවක් ඇතුළු සිව් දෙනකු රිමාන්ඩ්

Published:

මොණරාගල, දොඹගහවෙල ප්‍රදේශයේ දී 14 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුවක් ඇතුළු 04 දෙනකු ජනවාරි 10 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මොණරාගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි බෞද්ධ භික්ෂුවකි.

අතවරයට ලක්ව ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි දැරියක බව ද ඇය පාසල් නිවාඩු කාලයේ දී ‍තම නැන්දනියගේ නිවසට පැමිණ සිටිය දී අතවරයට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඇය තම නැන්දනිය සහ මිත්තනිය සමඟ අදාල විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී ඔවුන් දෙදෙනාගේ ද සහාය ඇතිව භික්ෂුව විසින් ඇයට අතවර කළ බව ද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම භික්ෂුවගේ සහෝදරයකු ද දැරිය සිටි නැන්දනියගේ නිවසට ම ගොස් දැරියට අතවර කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථානයේ භික්ෂුව, එහුගේ සහෝදරයා, අතවර කිරීම සඳහා ආධාර සහ අනුබල දුන් නැන්දනිය සහ මිත්තනිය ද අත්අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කෙරිණි.  

Related articles

error: Content is protected !!