33.2 C
Galle

කතරගම ගිය පිරිසක් අතරමග දී රෝහලට. බසය අධවේගී වැට කඩාගෙන ගිහින්

Published:

කතරගම ගොස් නැවත කොළඹ දෙසට ගමින් කරමින් තිබූ බස් රථයක් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ දී පාරෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් 16 දෙනකු තුවාල ලබා ඇති අතර 11 කරාපිටිය ශික්ෂණ රෝහලට සහ 05 දෙනකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 04ක් සහ ළමුන් 03ක් සිටින බව ද රියදුරාගේ තත්වය බරපතල බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මතුගම පැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිිසකි.

පින්නදූව සහ බද්දේගම පිවිසුම් අතර කිලෝ මීටර 88ත් 89ත් අතර දී මේ අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ රියදුරාට නින්දයාම හේතුවෙන් බස් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැට කඩාගෙන බෝක්කුවකට වැටී අනතුර සිදුව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!