31.1 C
Galle

උපන් විගස බිළිඳා පනපිටින් වළදැමූ මව රිමාන්ඩ්. බල්ලකු විසින් සිරුර සොයා ගනී

Published:

කිලිනොච්චියේ මරුදන්කෙක්නි,  වන්නිරායන් ප්‍රදේශයේ දී උපන් හැටියේම බිළිඳකු  පනපිටින් වළ දමා ඝාතනය කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් එෆ්.ජමීල් නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ වන්නිරායන් හි පදිංචි 36 හැවිරිදි කාන්තාවකි

පසුගිය 01 වැනි දා සැකකාර කාන්තාව විසින් තම නිවසේ දී ම දරුවා ප්‍රසූත කර උපන් විගසම එම දරුවා නිවස පිටුපස වළ දමා ඇතැයි පොලිසිය අධිකරණයේ දී කීවේය.

බල්ලකු විසින් කිසියම් දෙයක් මුඛයෙන් රැගෙන යනු දුටු අසල්වැසි කාන්තාවක් ඒ හාවකුයැයි සිතා බල්ලාට ගලකින් ගසා තිබේ. ඒ සමඟම රැගෙන යමින් සිටි දෙය අතහැර දැමූ බල්ලා පළා ගොස් ඇත. එම ස්ථානයට ගිය කාන්තාව දැක ඇත්තේ බල්ලා රැගෙන යමින් සිටියේ බිළිඳු මළ සිරුරක් බවයි. මේ ගැන ඇය විසින් කරන ලද දැනුම්දීමට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා ඇත.

බිළිඳු මළ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චි රෝහලේ දී පැවැත්වීමට නියමිත අතර මරුදන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!