31.1 C
Galle

ගෝඨාභය යළි එයි

Published:

පුද්ගලික කටයුත්තක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි යානයකින් ඔහු සහ බිරිඳ පැමිණි බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා ශ්‍රී ලංකාවෙන් පිට වී ගිය පසු ඩුබායි සිට ඔහු ඇමෙරිකා පුරවැසි බව යළි ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ජනතා උද්ඝෝෂණයකින් බලයෙන් පහකිරීමෙන් පසු ඉල්ලා අස්වූ හිටපු ජනාධිපතිවරයා දේශපාලන රැකවරණය පතා මාලදිවයිනටත්, ඉන් පසු සිංගප්පූරුවටත් ගොස් නැවත මලයාසියාවට ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණියේය. විවිධ මාධ්‍ය වාර්තා කළේ ඔහුට දේශපාලන රැකවරණ ලබාදීම සඳහා කිසිම රටක් ඉදිරිපත් වී නැති බවයි.

Related articles

spot_img
error: Content is protected !!