31.1 C
Galle

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

Published:

ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහත දමන අතර එහි නව මිල රුපියල් 4,409.00කි.

කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 80.00කින් පහත දමන අතර එහි නව මිල රුපියල් 1,770.00ක් වෙයි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38.00කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822.00කි.

Related articles

spot_img
error: Content is protected !!