27.6 C
Galle

ඩයනාගේ පුරවැසි බව ගැන බ්‍රිතාන්‍යයෙන් විමසීමට නියෝගයක්

Published:

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකු ද යන්න තහවරු කරගැනීම සඳහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් ඉක්මණින් කැඳවා විමර්ශන කටයුතු සිදුකරන්න යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කළේය.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ ඒවා බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඖෂල හේරත් විසින් කරන ලද පැමිණිල්ලක් අද (05) කැඳ වූ අවස්ථාවේ මේ නියෝගය නිකුත් කර තිබෙබ්.

මෙම නඩුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාල තානාපති කාර්යාල වාර්තාව ලැබීම පහසුවක් වනු ඇතැයි ද එතෙක් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි නියෝග කිරීම අනවශ්‍ය බව ද මහේස්ත්‍රා්තවරයා කීවේය.

Related articles

error: Content is protected !!