27.6 C
Galle

මහණ කරනවාට බයේ පළාගිය සිසුවාට කිසිදු හානියක් සිදු වී නැතැයි අධිකරණ‍යේ දී හෙළිවේ

Published:

පියා විසින් මහණ කරවන බව පැවසීම හේතුවෙන් ඊට බිය වී පළාගිය ාසල් සිසුවා අපයෝජනයට ලක්ව නැතැයි අධිකරණ වෛද්‍යවරු පැවසීම හේතුවෙන් ඔහු රැගෙන ගිය බවට සැකපිට රිමාන්ඩ්කර සිටි සැකකරුවන් තිදෙනා ඇපමත මුදාහැරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත ඊයේ (05) නියෝග කළේය.

ඇපමත මුදාහැර ඇත්තේ කැකිරාව තලාව පාර 21 කණුව ප්‍රදේශයේ පදංිචි ඒ.අසේල පියන්ත ප්‍රනාන්දු, දරුවා රඳවා ගැනීමට ආධාර අනුබල දුන් බව කියන මහනුවර, රිකිල්ලගස්කඩ පදිංචි අමිල සම්පත් කුමාර නානායක්කාර සහ ඔහුගේ පියා වන එන්.එන්ජී.ඩී.සිරිසේන යන තිදෙනාය. ඔවුන් තිදෙනාට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප දෙක බැගින් නියම කෙරිණි.

එම දරුවා රුපියල් ලක්ෂ 10ක් වටිනා බැඳුම්කරයක් මත ඔහුගේ මවට භාරදීමට ද නියෝග කළේය. එමෙන් ම දරුවා හොඳින් රැකබලාගන්නා ලෙස ද දරුවාගේ මවට උපදෙස් දුන්නේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෛද්‍ය පරීක්ෂණයේ දී තහවුරු කර තිබුණේ මෙම දරුවාට කිසිදු ලිංගික අපයෝජනයක් හෝ වදහිංසාවක් කර නැතැයි පරීක්ෂණවල දී තහවුරු වූ බවයි.

Related articles

error: Content is protected !!