29.4 C
Galle

පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂු පිරිසක් මල්වතු මහා නා හිමිගෙන් ඉල්ලීමක් කරති

Published:

හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නියෝජනය කරන භික්ෂූහු පිරිසක් ඊයේ (08) මල්වතු මහානායක හිමි මුණ ගැහී විශ්වවිදයාලයේ ගැටලුවට මැදිහත් වී වැඩපිළිවෙලක්  සකස්කරන ලෙස ඉල්ලා සිටියහ.

එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්වය පිළිබඳ මල්වතු මහා නායක හිමියන් දැනුම්වත් කිරීම මෙම හමුවීමේ අරමුණ විය.

එහි දී භික්ෂූන් වහන්සේලා කියා සිටියේ මෙවැනි කතාවකි.

“පසුගිය මැයි මාසයේ සිදුවූ සිද්ධියක් තමයි ප්‍රචාරය වෙන්නේ. ගිහි පිරිසක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන වීඩියෝ එකක් තියෙන්නේ. ඇත්තටම ගිහි ශිෂ්‍යයන් පිරිසක් එහෙම දේවල් කළා. එතෙන්ට කිසිම භික්ෂුවක් සම්බන්ධ වුණේ නැහැ. පාටි දැම්මෙත් නෑ මහා නායක හාමුදුරුවනේ. ඔබ වහන්සේ මැදිහිත් වෙලා මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න මහා නායක හාමුදුරු‍වනේ” යනුවෙන් එම භික්ෂූහු ඉල්ලා සිටියහ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නියෝජනය කරන ශිෂ්‍ය සංගමයේ නියෝජිත හිමිවරු මීට පෙර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශකර සිටියේය විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ මත්පැන් පානය සාමාන්‍ය දෙයක් බවයි. එමෙන් ම භික්ෂූන් වහන්සේලා ගිහියන් සේ ඇඳුම් ඇඳගෙන විනෝද චාරිකාවලට සහභාගීවූ බවට එල්ල වූ චෝදනා ද එම මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ භික්ෂූන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ නැත.

Related articles

spot_img
error: Content is protected !!