29.4 C
Galle

තෙල් සංස්ථාව පාඩු වෙද්දී, හොර පාරේ කොමිස් ගහපු හැටි

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 67.9කට අධික මුදලක් කොමිස් ලෙස ගෙවා ඇතැයි අනාවරණය වෙයි.

පසුගිය සැප්තැම්බර් 15වැනි දා වනවිට මේ මුදල ගෙවා ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම ඉන්ධන බෙදුම්කරුවන් දේශපාලඥයන්ට සහ සංස්ථාවේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ සමීප ඥාතීන් සහ හිතවතුන් බවයි.

පසුගිය ජූළි 26 වැනි දා වනවිට ගෙවිය යුතු ව තිබූ කොමිස් මුදල රුපියල් මිලියන 30.7කි.  එසේ වුව ද ගෙවා ඇති මුදල රුපියල් මිලියන 98.6. ඒ අනුව අනුමැතියකින් තොරව වැඩිපුර ගෙවා ඇති කොමිස් මුදල රුපියල් මිලියන 67.9ක් බව විගණන වාර්තාවකින් හෙළි වී ඇත.

මෙලෙස වැඩිපුර කොමිස් මුදල් ගෙවීමට හේතුව ලෙස සඳ් කර ඇත්තේ මිල සූත්‍රය පදනම් කරගෙන කොමිස් මුදල් ගෙවීම නිසා බව ද ගෙවීම් කළ නිලධාරීන් පවසා තිබේ. මීට පෙරප අළෙවිකරුවන්ට කොමිස් ගෙවා ඇත්තේ අළෙවි කරනු ලබන ඉන්ධන ප්‍රමාණයට අනුවය. නමුත් එම ක්‍රමය වෙනස් කර ඉන්ධන ලීටරයකට වැයවන මුදලට කොමමිස් ගෙවීමේ ක්‍රමයකට මේ මුදල ගෙවා ඇති බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!