29.4 C
Galle

පහරදීමකින් අයෙක් මරුට, සිව් දෙනකු රෝහලට

Published:

පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රී ඇති වූ ගැටුමකින් පුද්ගලයකු මියගොස් 04 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනකු කොළඹ ජාතික රෝහලටත් තිදෙනකු රාගම ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර ඇති බව වාර්තා වේ. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ එක් අයකු එහි දී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ කැලණිය, පෙතියාගොඩ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙකි. ඔහුට තියුණු ආයුධවලින් සහ පොළුවලින් පහර දී ඇතැයි ද පොලිසිය පවසයි.

පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!