29.4 C
Galle

පොතුහැර, ව්‍යාජ දළදා මාළිගාව කඩා ඉවත්කරයි

Published:

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකර ඇති බව පවසන දළදා මාළිගාවේ ආකෘතියක් වැනි ඉදිකිරීම අද (08) උදෑසන ඉවත්කිරීම ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

එහි හිමිකරුවන් විසින් ඉවත්කිරීම් සිදුකරමින් පවතී.

‍මෙම ස්ථානයේ දළදා මාළිගාවක් ඇති බව පවසමින්, ඒ ගැන විමර්ශනයක් කරන්න යැයි මහා නාහිමිවරු දෙපළ සහ දියවඩන නිළමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ළිඛිත ඉල්ලීමක් කර තිබිණි.

ඊයේ (07) එම ස්ථානයට ගිය හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද කියා සිටියේ පත්තිරිප්පුවේ අනුරුවක් සේ සාදා ඇති කොටස ඉවත්කරන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එය ඉදිකළබව කියන ජානක සේනාධිපති නමැති අයගේ මෙහෙයවීමෙන් එම කොටස ඉවත්කරමින් පවතී.

Related articles

spot_img
error: Content is protected !!