උපකාරක පන්තියකට සහභාගී වූ 10 හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කළ බවට සැකපිට කහටගස්දිලිය පදංචි ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුට ද එම වයසේ ම දියණයක් සිටින බව ද පොලිසිය සඳහන් කළේය.
පන්තිය පැවැත්වෙන අවස්ථාවේ දී ගුරවරයා විසින් තමන් අපයෝජනයට ලක්කළ බව දැරිය එදින ම සිය මව්පියන්ට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ගුරවරයා අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි.


