29.4 C
Galle

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගංජා සමඟ අත්අඩංගුවට

Published:

මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වියළි ගංජා කිලෝ ග්‍රෑම් 15ක් සමඟ ඊයේ (08) රාත්‍රී 9.00ට පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය ම කියයි.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිය නිල නිවසේ රැඳී සිටිය දී ය.

ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් ජේ. වෙදසිංහ වෙත ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් යොදවා මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට පත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගංජා ජාවාරමක් යෙදෙන බවැට පැමිණිලි රැසක් ලැබී තිබුණු බව ද අනාවරණය වෙයි.

ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව මේ වනවිට වෙනත් දේශපාලන බලවේගයක් ගොඩනැගීමට ප්‍රධානත්වය ගෙන සිටින හිටපු අමාත්‍යවරයකුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස ද කටයුතු කර ඇති අයෙකි. සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීම් ලැබුණු පසු එම අමාත්‍යවරයාගේ සේවයෙන් ඉවත්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!