28.9 C
Galle

අටමස්ථානාධිපතිගේ සැප වාහන ඉල්ලා, ව්‍යාපාරිකයෙක් අධිකරණයට යයි

Published:

අනුරාධපුර අටමස්ථානාධිපතිව සිටි පල්‍ලේගම සිරිනිවාස හිමි භාවිතා කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානුකූල අයිතිය තමන්ට හිමි බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ පදිංචි ව්‍යාපාරිකයකු අධිකරණයට පෙත්සමක්  ඉදිරිපත් කර තිබේ.

මෙය සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී.පියරත්න මෙම නඩුවේ වගඋත්තරකරුවන් වන වත්මන් අටමස්ථානාධිපති ඇතුළු භික්ෂූන් තිදෙනකුට සහ අටමස්ථාන කාරක සභාවට ලබන පෙබරවාරි 08 වැනි දා අදිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළාය.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ අනුරාධපුර, ඉසුරුපුර පදිංචි පේපලිමුහන්දිරම් අප්පුහාමිලාගේ චන්දානන්ද යන අය විසිනි. නීතිඥ දසුනි කුමාරසිංහ විසින් ඔහු වෙනුවෙන් එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර  බෝමළුව පන්සල (ජය ශ‍්‍රි මහ බෝධි විහාර) ලිපිනයේ පදිංචි  අනුරාධපුර  අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි, කැකිරාවේ ඤාණසිරි හිමි සහ අනුරාධපුර පැරණි නගරය ථූපාරාම පන්සල ලිපිනයේ පදිංචි විහාරාධිකාරි ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.

එමෙන් ම මීට අදාළ විරෝධතා ඇත්නම් එදින හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ද නියෝග කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!