28.9 C
Galle

සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම්

Published:

විශේෂ විභාගයක් පවත්වා සංවර්ධන නිලධාරීන් පාසල් ගුරුවරුන් ලෙස බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මෙම විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව මගිනි. ඉන් සමත්වන සංවර්ධන නිලධාරීන් ලබන පාසල් වාරයේ සිට පළාත් මට්ටමින් පාසල්වලට අනුයුක්ත කරන බව ද එය තාවකාලික පත්වීමක් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

එලෙස පරිවාස මට්ටමින් බඳවාගන්නා සංවර්ධන නිලධාරීන්ට ස්ථිර ගුරු පත්වීම් ලබාදෙන්නේ ඩිප්ලෝමාවක් හැදෑරීමෙන් පසුව බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!