28.9 C
Galle

ගාල්ලේ ATM සොරකමට පොලිස් ලොක්කෙක් සහ විදේශිකයන් දෙදෙනකුත් අත්අඩංගුවට

Published:

ගාල්ලේ ATM යන්ත්‍ර තුනකින් රුපියල් කෝටියකට වැඩි මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු, විදේශිකයන් දෙදෙනකු ඇතුළු 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් විදේශිකයන් දෙදෙනා බල්ගේරියානු ජාතිකයන් බව ද අනාවරණය වී ඇත. ඔවුන් කොළඹ නිවාස සංකීරණයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින පොලිස් නිලධාරියා කළුතර දිස්ත්‍රික්කයෛ් පොලිස් ස්ථානයක පාලන අංශයේ ස්ථානාධිපතිවරයා බව ද අනාවරණ්‍ය වී ඇත. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටිගල, අමුගොඩ ප්‍රදේශයේ දී ය.

අනෙක් සැකකරුවන් දෙදෙනා ඇල්පිටියේ දී සහ මීගමුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!