28.9 C
Galle

මහින්දට – ගෝඨාභයට, කැනඩාව තහනම්

Published:

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා ඇතුළු ශ්‍රී ලාංකිකයන් හතර දෙනකුට කැනඩාවට ඇතුළුවීම තහනම් කරමින් එරට රජය විසින් සම්බාධක පනවා තිබේ.

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක දෙදෙනාට ද මෙලෙස සම්බාධක පනවා ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් ගැටුම්වල දී මානව හිමිකම් කඩකර ඇතැයි යන චෝදනාව යටතේ මෙම සම්බාධක පනවා ඇති අතර ඔවුන්ට කැනඩාවට ඇතුළුවීම සහ කැනඩාව සමඟ ව්‍යාපාරික සබඳතා  පැවැත්වීමත් තහනම් කර ඇත. එමෙන්ම ඔවුන්ගේ නමට වූ යම් දේපළක් කැනඩාවේ ඇත්නම් එ් සියල්ල රාජසන්තක කිරීමට ද පියවර ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!