26.7 C
Galle

රහත් වූ බව කී සිරිසුමනට වරෙන්තු

Published:

මූල්‍ය වංචාවකට ආධාර අනුබල දුන්නා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇපි මත මුදාහැර සිටි බොරැල්ලේ සිරිසුමන හිමිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) වරෙන්තු නිකුත් කළේය.

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලිට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

මෙම සිද්ධියට අදාළ සැකකාර තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන ඇතුළු සෙසු සැකකරුවෝ ඇප මත සිටිමින්  අධිකරණය හමුවේ පෙනී සිටියහ.

බොරැල්ලේ සිරිසුමන හිමි තමන් රහත් බවට පත්ව ඇතැයි කලකට ඉහත විශාල ප්‍රචාරයක් ගෙන ගියේය.

Related articles

spot_img
error: Content is protected !!