27.9 C
Galle

මහින්දට රට යන්න අවසර ලැබෙයි

Published:

හිටපු ජනාධිපතිවරයකු වූ මහින්ද රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම දින 10ක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) නියෝග කළේය.

ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවක නිරතව සිටි පිරිසට මාරාන්තික තුවාල සිදුකරමින් පහරදීමේ සිද්ධියට අදාළව ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබිණි.

තමන්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත්කරන්න යැයි මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි. ඒ අනුව ලබන 20 වැනි දා සිට 30 වැනි දා අතර කාලයේ දී ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත්කිරීමට කටයුතු කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර පරීක්ෂණ මාර්තු මස 28 වැනි දිනට කල් තැබුවේය.

Related articles

error: Content is protected !!