27.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 19,208 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,328ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 13ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,380ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 353
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 146
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 88

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ‍සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 21
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම 12%
  • මිලේනියම් හවුසින් සමාගම 11%
  • යුනයිටඩ් මෝටර්ස් සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඅයිසී සමාගම කොටස් මිලියන 482,000ක් රුපියල් 81.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 333
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 179

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 19ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 31ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 12ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළෙන් ඉවත්කරගෙන තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 03
  • කහවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 15
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!