27.9 C
Galle

මාරාන්තික උණ රෝගයක් ශ්‍රී ලංකාවේ පැතිරෙයි. වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

Published:

උණ රෝගයක් සීඝ්‍රයෙන් පැතිර යන බවත් ඒ හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බැවින් ගර්භණී කාන්තාවන්ට සහ විවිධ රෝගාබාධ ඇති වයස්ගත පුද්ගලයන්ට එය මාරාන්තික විය හැකි බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අනාවරණය කෙරිණි.

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මේ බව කීවේය.

කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව හා කරකැවිල්ල මෙම උණ රෝගයේ ලක්ෂණ බව ද හෙතෙම පවසයි.

වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මෙය ශ්වසන පද්ධතියේ දැකිය හැකි ආසාදනයක් කියා කිව හැකියි. දැනට මාස දෙකක කාලයක් පුරා මෙය දක්නට ලැබෙනවා. මෙය දැනට පැතිරීයන වයිරසයකින් ඇතිවන්නක් බව පැහැදිලියි. වයිරසය කුමක්ද කියා අපි හඳුනාගෙන නෑ. නමුත් ඉන්ෆ්ලුවන්සා ප්‍රභේදයක් කියා හිතනවා. නමුත් බොහේ රෝගීන්ට මේ තත්වය දින දෙක තුනකින් සුව වුණත් දීර්ඝ කාලයක් පවතින කැස්ස තිබෙනවා. මේ ‍වයිරසය මර්ධනය කරන්න ශරීරය විසින් නිපපදවන ප්‍රතිදේහ නිසා ම පෙනහළුවල තියෙන නාල කුඩාවීමක් සිදුවෙනවා. සීතලට ලක්වුණොත් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකියි. හතිය වගේ රෝග ලක්ෂණත් එන්න පුළුවන්. ගැබිනි කාන්තාවන්ට, වකුගඩු දුර්වලතා ඇති අයට සහ වයස්ගත පුද්ගලයන්ට මේ ‍වයිරසය ආසාදනය වුණොත් මාරාන්තික විය හැකියි.”

‍මෙම වයිරසය මාරාන්තික තත්වයකට පත්විය හැකි බැවින් රෝග ලක්ෂණ ඇතිවුවහොත් වහාම වෛද්‍යවරයකු හමුවන ලෙස ද එම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කෙරිණි.

Related articles

error: Content is protected !!