26.8 C
Galle

පළාත් පාලන කොට්ඨාස ගණන අඩු කිරීම තවත් ප්‍රමාද වෙයි

Published:

පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්ද බල ප්‍රදේශ සංඛ්‍යාව 8,911 සිට 4,000ක් දක්වා අඩු කිරීමේ කාර්යය නියමිත දිනට අවසන් කළ නොහැකියැයි සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ අවසන් වාර්තාව පෙබරවාරි මස 28 වැනි දින අවසන් කිරීමට නියමිතව තිබිණි. මෙම කටයුතු එදිනට අවසන්කළ නොහැකිව ඇත්තේ ප්‍රායෝගික ගැටලු රැසක් හේතුවෙන් බව ද ඔහු පෙන්වා දෙයි. පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 4000ක් දක්වා අඩු කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් සීමා නීර්ණ කමිටුව පත්කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!