27.9 C
Galle

මාවනැල්ල සභාපති ලක්ෂ 20ක අල්ලසක් ගනිද්දී කොටුවෙයි

Published:

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ගනිද්දී අද (13) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

උතුවන්කන්ද, වලකඩයාව ප්‍රදේශයේ අයකු විසින් ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලක සැළැස්ම ප්‍රාදේශීය සභාවෙන් අනුමතකරදීම සඳහා සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ 20ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර එම මුදල අද සභාපතිවරයාට ලබාදෙන අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.  

Related articles

error: Content is protected !!