26.8 C
Galle

වරායෙන් ගසා කෑ, ඇමතිවරු 05ක් සහ නිලධාරීන් ගැන පැමිණිලි රැසක්

Published:

ශ්‍රී ලංකා වරාය අධිිකාරියේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ සහ වංචා සොයා බැලීමට පත්කරන ලද කමිටුවට පැමිණිලි භාරගැනීම හෙට (15) වැනි දිනයෙන් අවසන් වීමට නියමිතය.

මේ වනවිට වරායේ දූෂණ සහ අක්‍රමිකත සම්බන්ධයෙන් වරාය විෂය භාරව සිටි ඇමතිවරු 05 දෙනකුට සහ දැනටත් එහි නිලධාරින් ලෙස කටයුතු කරන පිරිසකට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද වාර්තාවේ.

මෙම නිලධාරීන් අතර වරාය අධිකාරියේ හිටපු සභාපතිිවරු, අධ්‍යක්ෂවරු සහ ඉහළ පාලන අධිකාරියේ නිලධාරීහු සිටිති. ඔවුන්ගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා රුපියල් බිලියන ගණනක් වන බවට ද තොරතුරු ඉදිරිපත්ව ඇත.

මෙම කමිටුවට පැමිණිලි 20කට වැඩි සංඛ්‍යාවක් තම වෘත්තීය සමිතිය විසින් ඉදිරිපත් කළ බව ද සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පවසයි.

තවමත් වරාය අධිකාරියේ ඉහළ තනතුරු හොබවන කිහිප දෙනකු සම්බන්ධ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත්ව ඇති බැවින් එම කමිටුවට දැනටමත් එම පුද්ගලයන්ගෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බව ද අප වෙත වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!