28.4 C
Galle

රෝහලේ කසළ බැහැර කරද්දී 28 දෙනකු ඇද වැටෙයි. විෂ ද්‍රව්‍යයක් දැයි සැකයක්

Published:

අනුරාධපුර රෝහලේ අපද්‍රව්‍ය තොගයක් වළදැමීමට ගිය සේවක සේවිකාවන් 28 දෙනකු හදිසියේ ම ඇදවැටීමෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ.

මෙම සේවක සේවිකාවන් සියලු දෙනා සියලු දෙනා පිරිසිදු කරන පුද්ගලික ආයතනයක වැඩ කරන අය බව ද වළක් කපා එම අපද්‍රව්‍ය වළ දැමීමට කටයුතු කරමින් සිටිය දී හදිසියේ ම ක්ලාන්ත වී ඇදවැටී ඇතැයි ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔවුන්ගෙන් 10 දෙනකු පමණ නේවාසිකව සිටින බවත් තත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශකයකු කීවේය. ඔවුන් විෂ දුමක් හේතුවෙන් මෙලෙස රෝගාතුර වන්නට ඇතැයි සැකයක් පවතී.

Related articles

error: Content is protected !!