28.4 C
Galle

මන්ත්‍රී නිලනිවාසවල පිටස්තරයන් පදිංචිකරලා

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල ඉදිකර ඇති මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ ඥාති හිතවතුන් සහ ආරක්ෂක නිලධාරීන් බවත්, හිටපු මන්ත්‍රීවරු කිහිප දෙනකු ද තවමත් එම නිවාසවල රැඳී සිටින බවත් අනාවරණය වෙයි.

මන්ත්‍රීවරුන්ට දි ඇති නිවාස 110න් 60ක  සිටින්නේ ඥාතීන්, හිතවතුන් සහ ආරක්ෂකයන්ය.

මන්ත්‍රීවරුන්ට දී ඇති නිල නිවාස වෙවනත් අයට ලබාදීමෙන් වළකින්න යැයි පාර්ලිමේන්තුව විසින් සියලු මන්ත්‍රීවරුන්ට පසුගිය දා නැවත සිහි කැඳවීමක් ද කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදීමේ දී ඒ සම්බන්ධ ගිවිසුමකට එළෑඹේ. එම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ මන්ත්‍රීවරයා එය භාවිතා කරනවා හැර වෙනත් කිසිම පුද්ගලයකුට නිල නිවාසය ලබාදිය නොහැකි බවයි.

දැනට ඇමතිිවරුන්ට අයත් නිල නිවාස ලබාගෙන ඒවායේ රැඳී සිටින රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් තවමත් මාදිවෙල නිල නිවාස භාර දී නැත. එම නිල නිවාස කඩිනමින් භාරදෙන ලෙස දැනුම් දී ඇතත් මෙතෙක් එම ඉල්ලීම ඉටුකර නැතැයි ද පාර්ලිමේන්තු කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

error: Content is protected !!