26.7 C
Galle

STF සැරයන් සහ මිතුරකු ඝාතනය කරලා

Published:

පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකු ඊයේ (15) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ දඹදෙණිය පදිංචි ඉෂාර මහේෂ් බණ්ඩාර (41) පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් වරයා සහ කසුන් පුෂ්පකුමාර (38) නමැති අයෙකි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ඔවුන්ට කඩුවලින් පහර දී ඇතැයි ද බරපතල තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත්  කිරීමෙන් පසු දෙදෙනාම මියගොස්  ඇතැයි ද‍ පොලිසිය කියයි. මියගිය සැරයන්වරයා ගෝනහේන කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකි.

පොලිසිය පවසන්නේ මේ ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලියක ක්‍රියාවක් විය හැකි බවයි. සැකකරුවන් අත්අඩංගුව ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් ම යොදවා ඇතැයි ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!