26.7 C
Galle

අරගලයට ගිය කමාන්ඩෝ නිලධාරියා මියගිය විට හමුදා ගෞරව නෑ.

Published:

ජනාධිපති මන්දිරය අසළ දී පසුගිය 2022 මැයි මස 09 වැනි දා හිසට බරපතල තුවාල සිදු වී රෝහල්ගත කරන ලද යුද හමුදා විශ්‍රාමික කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලලත් නිලධාරියකු මියගොස් ඇතැයි කොටුව පොලිසිය පවසයි.

මාතර දෙවිනුවර වැලිමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.ජේ.එල්.ජයසේන නමැති ඔහු 59 හැවිරිදි වියේ පසුවිය.

ඔහු අරගලයේ සාමාජිකයකු ලෙස එදින ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිටිය දී සිදුවූ සිද්ධියකින් හිසට බරපතල තුවාල සිදුව තිබිණි. තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ඔශු හිසෙහි සැත්මකට ද ලක්කර තිබිණි. නැවත නිවසට පැමිණ සිටිය දී රෝගාතුර වූ ජයසේන දෙසැම්බර් මස 19 වැනි දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.

ඔහුගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු කිරීමේ දී හමුදා ගෞරවාචාර පිරි නොනමන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් නියෝග කර ඇතැයි ද පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!