28.9 C
Galle

අම්බලන්ගොඩ විදුහල්පතිනියට, ගුරුවරුන්ගෙන් දැඩි විරෝධයක්

Published:

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අයථා මුදල් එකතුකිරීම් සම්බන්ධ තොරතුරු මාධ්‍යයට දුන්නා යැයි විදුහල්පතිනිය පාසලේ ගුරුවරුන්ට බැන වැදීම හේතුවෙන් අද (17) උදෑසන පාසලේ ගුරුවරු පන්තිකාමරවල ඉගැන්වීම් කටයුතුවල නතර කර දමා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ගුරු භවතුන් රැසක් තැන් තැන්වලට වී විදුහල්පතිට විරෝධය දක්වමින් සිටින අතර, විදුහල්පතිගේ අත්තනෝමතික මුදල් එකතුකිරීම් සහ අයථා ගනුදෙනු නොනවත්වන්නේ නම් පාරට බැස වැඩ විරෝධතාවක් කිරීමට ද සූදානමින් සිටිති.

අද විදුහලට පැමිණි ගුරුවරයකුට පාසලට ඇතුළුවීමට ඉඩ නොදෙන්න යැයි විදුහල්පතිනිය විසින් ආර්කෂක අංශයට දැනුම් දී තිබුණු අතර එම ගුරුවරයා මාධ්‍යයට තොරතුරු දුන්නේ යැයි චෝදනා කරමින් ඔහුට පාසලට ඇතුළු වී රාජකාරී ආරම්භ කිරීමට ඉඩ දී නැත. මේ ගැන ඔහු විදුහල්පතිනියගෙන් විමසූ විට ඇය ඔහුට බැන වැදී ඇතැයි ද අනෙක් ගුරුවරු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් විමසීමට විදුහල්පතිනි සනෝජා ජයවික්‍රම ඇමතීමට උත්සාහ ගත්ත ද මේ වනවිට ඇය කිසිම දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන්නේ නැත.

(මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ කරුණු පැහැදිළි කිරීම් මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරිමට අපි බැඳී සිටින බව ද මෙහි සඳහන් කරන්නෙමු.)

Related articles

error: Content is protected !!