28.9 C
Galle

කො‍ටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 17,403 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,246ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 113ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,376ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 246
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 168
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 152

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 17
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 16
  • එල්ඕඑල්සී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 15

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම (X) 33%
  • ගෙස්ට්ටෙට්නර් සමාගම 17%
  • එක්ස්පෝ ලංකා සමාගම  11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් 300,000ක් රුපියල් 78.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 376
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 69ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 42ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත්කරගෙන තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 04
  • සියරා කේබල් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 48
  • මර්චන්ට් බැංකුව රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!