28.9 C
Galle

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ගැටුමකින්, සිසුවකුට බරපතලයි

Published:

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (18) දහවල් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 12 වසර ගණිත අංශයේ ඉගෙගනුම ලබන සිසුවෙකි. ඔහු තිලකපුර පොලිස් මුර පොළේ ස්ථානාධිපතිවරයාගේ පුතකු බව ද දැනගන්නට ඇත. තුවාල ලැබූ සිසුවට 13 වසර සිසුන් පිරිසක් අමානුෂික ලෙස පහර දී ඇති බව දැනට අනාවරණය වී ඇත. පාසල අතුළේ දී මෙලෙස පහර දීමෙන් ඔහු බිම වැටුණු පසු බඩට සහ මුහුණට පා පහරවල් එල්ල කිරීම හේතුවෙන් සිසුවාට බරපතල තුවාල සහ තැලීම් සිදුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

error: Content is protected !!