28.9 C
Galle

හොරු අල්ලනවාට විරුද්ධ අය ගැන ජනපති කියයි

Published:

“හොරු අල්ලන්නේ නෑ කියලා මට චෝදනා කරන අය හොරු අල්ලන්න පනතක් ගෙනාවම ඒකට විරුද්ධ වෙනවා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට එය මෙවර මැතිවරණයට බලපාන්නේ නැති විදියට ඉදිරිපත් කරන්න යැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කර තිබූ බවයි.

“මේ සතියේ පුළුවන්නම් මේ පනත සම්මත කරගනිමු. මැතිවරණ වයදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්මත විය යුතුයි.” යනුවෙන් ද ඔහු කීවේය.

Related articles

error: Content is protected !!