28.9 C
Galle

වෛද්‍ය බෙල්ලන රෝහල් කාර්ය මණ්ඩලයේ අත්අඩංගුවට, මුදා ගැනීමට කැරළි මර්ධනයටත් බැරි වෙයි

Published:

රෝහල් සේවක මත්ද්‍රව්‍ය භාවිතය හා වෘත්තීය සමිති අතර සහ සම්බන්ධයක් ඇතැයි මාධ්‍යයට ප්‍රකාශ කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජීවග්‍රහයෙන් ගත් කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඔහු අද (19) මුදා හැරියේ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඔහු කොළඹ ජාතික රෝහලේ සිට වෙනත් ස්ථානයකට මාරුකර යවන  බවට පොරොන්දුවක් ලබාදීමෙන් පසුවය.

අද (19) සවස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ රජයේ වෛදය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අත්අඩංගුවට පත්වූ පසු ඔහු මුදාගැනීමට කැරළි මර්ධන ඒකකය පවා කැඳවීමට සිදුව තිබිණි. නමුත් එය ද අසාර්ථක විය.

අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්කරන බවට පොරොන්දු වීමත් සමඟ ඔහු මුදා හැර තිබිණි.

Related articles

error: Content is protected !!