30.7 C
Galle

කළුතර විදුහලේ නවක සිසුවාට සිහි නැතිවන තුරු පහරදී, නළල පැලූ සිසුන් තිදෙනා අත්අඩංගුවට

Published:

උසස් පෙළ හැදෑරීම සඳහා පැමිණි නවක සිසුවකුට අමානුෂික ලෙස වද හිංසා පමුණුවමින් නවක වදයට ලක්කළ 17 හැවිරිදි සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණු පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විද්‍යාලයේ සිසුන් තිදෙනෙකි.

උසස් පෙළ හැදෑරීම සඳහා කළුතර විද්‍යාලයට අලුතෙන් ඇතුළු වූ තමන්ට එම විද්‍යාලයේ සිටි සිසුන් තිදෙනකු පහරදෙමින් වද හිංසා පැමිණ වූ බව පහරකෑමට ලක් වූ සිසුවා පවසා ඇත. ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටියි.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ, සිසුවාගේ නළල ප්‍රදේශයේ තුවාලයකට මැහුම් කිහිපයක් ම යොදා ඇති බවයි. පැය 24කට වැඩි කාලයක් මෙම සිසුවා නිසි පරිදි සිහිකල්පනාවක් නොමැතිව සිටි බව ද පැවසේ.

සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Related articles

spot_img
error: Content is protected !!