30.7 C
Galle

සිසුවකුට අමානුෂික ලෙස පහරදුන්, ගුරු හාමුදුරුවන් අත්අඩංගුවට

Published:

බේරුවල ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකුට අමානුෂික ලෙස පහර දුන් එම පාසලේ ගුරුවරයකු ලෙස සේවය කරන භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ විමලානන්ද නමැති භික්ෂුවකි.

පාසලේ සිසුන් දෙදෙනකු අතර ඇති වූ රණ්ඩුවක් හේතුවෙන් එම භික්ෂුව මෙම සිසුවාට වේවැලකින් අමානුෂික ලෙස පහර දී ඇතැයි සිසුවාගේ මව පොලිසියට කරන ලද පැමිණිල්ලක් කර තිබිණි. පොලිසිය සඳහන් කරන්නේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිගෙන් සහ ගුරවරයකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සිසුවා මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි

Related articles

spot_img
error: Content is protected !!