31.5 C
Galle

‍මෛත්‍රී හිරේ යනවා ද ? නැද්ද ? තීරණය ජනතාව අතේ

Published:

පාස්කු ප්‍රහාරයේ විදිතයන්ට රුපියල් කෝටි 10ක මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද නියෝගය ඉටු කිරීමට තමන්ට කිසිදු ආර්ථික ශක්තියක් නොමැති බැවින් ජනතාව ඒ මුදල ලබා නොදෙන්නේ නම් හිරේ යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අධිකරණය මට නියෝග කළා රුපියල් ‍කෝටි 10ක් මගේ පුද්ගලික මුදලින් ගෙවන්න කියලා. මට එවැනි මුදලක්  ගෙවන්න ආර්ථික හයියක් නෑ. ඒ නිසා ඒ මුදල ජනතාවගෙන් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. රට වටෙන් ම සල්ලි එකතු කරන්න ඕන. ජනතාව සල්ලි නොදුන්නොත් හිරේ යනවා.

මගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේනගේ ව්‍යාපාරවලට මගේ සම්න්ධයක් නෑ. මගේ තාත්තාට කුඹුරු අක්කර 05යි. ගොඩ අක්කර 03යි තිුණා. ගොඩ අක්කර 03 මම අඹ දැම්මා. මට වෙන ආදායම් මාර්ගයක් නෑ. කුඹුරු අක්කර 05 නංගිලා කරන්නේ. අපේ පවුලේ 11 දෙනෙක් ඉන්නවා.

Related articles

spot_img
error: Content is protected !!