31.5 C
Galle

ත්‍රී රෝද රියක් දුම්රියේ ගැටීමෙන් අයෙක් මරුට

Published:

මාතර සිට කොළඹ බලා අද (22) උදේ ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රී වීලරයක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ වැලිගම ප්‍රදේශයේ දී ය.

ත්‍රී රෝද රථය පැදවූ 38 හැවිරිදි ධම්මික දේශප්‍රිය අයකු මෙලෙස මියගොස් ඇත. ඔහු තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් කරමින් සිටි 22 හැවිරිදි තරුණයකු ද තුවාල ලබා ඇත.

දුම්රිිය සංඥා දැල්වෙමින් තිබිය දී ත්‍රී රෝද රථය අපරික්ෂාකාරී ලෙස හරස් මාර්ගයේ ධාවනය කළ බව සිද්ධිිය ඇසින් දුටුවෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!