31.5 C
Galle

උසස් පෙළ විභාගය අද ආරම්භ වෙයි

Published:

2022 අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වෙයි.

විභාග මධ්‍යස්ථාන 2,200ක දී මෙවර විභාගයට පාසල් අපේක්ෂකයන් 278,196ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 53,513ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

උසස් පෙළ විභාගය අවසන් වන්නේ පෙබරවාරි මස 17 වැනි දා ය.

මෙවර උසස් පෙළ විභාගයේ පැය තුනක ප්‍රශ්න පත්‍රය සඳහා අමතර විනාඩි 10ක කාලයක් ද ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!