31.5 C
Galle

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමයි ?

Published:

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් මිල පෙබරවාරි මුල් සතියේ දී රුපියල් 500.00ත් 750.00ත් අතර මුදලකින් ඉහළ යන බව එම සමා‍ගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එවැනි මුදලකින් කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් ඉහළ දමන විට ඊට සාපේක්ෂව කිලෝ ග්‍රෑම් 05 සහ 2.3 ගෑස් සිලින්ඩර මිල ද ඉහළ යාමට නියමිතය.

මෙම මිල ඉහළ දැමීම ලබන පෙබරවාරි 05 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

ලිට්‍රෝ සමාගම පවසන්නේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම නිසා මෙලෙස මිල ඉහළ දැමීමට සිදුවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!