31.5 C
Galle

යාපනයේ ගැටුමකින් 06 දෙනකු රෝහලට

Published:

යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ දී අද (24) දවල් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 06 දෙනකු තුවාල ලබා ඇත.

දෙපිරිසක් අතර කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන් අද මේ ගැටුම හටගෙන ඇත. ඔවුන් කැබ් රථයක් සහ කාරයක් එකිනෙක හප්පාගෙන ඉන් අනතුරුව එකිනෙකා පහර දී‍ගෙන ඇත.

චුන්නාකම් පොලිසය පවසන්නේ පුද්ගලයන් 06 දෙනකු රෝහල්ගත කර ඇති අතර වාහන දෙකට ද බරපතල ලෙස අලාභ හානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!