30 C
Galle

උසස් පෙළට ආ නවක සිසුවා, දැඩි සත්කාර ඒකකයට. සැත්මකුත් කරලා

Published:

කළුතර විද්‍යාලයේ උසස් පෙළ සිසුන්ගේ අමානුෂික පහරදීමට ලක් වූ සිසුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට අතුළත් කර ඇත.

මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින්නේ නිම්න රන්මාල් ජයරත්න නමැති සිසුවෙකි.

පසුගිය 16 වැනි දා එම සිසුවා නවක ශිෂ්‍යයෙක් ලෙස කළුතර විද්‍යාලයේ උසස් පෙළ හැදෑරිම සඳහා ඇතුළත් වූ අවස්ථාවේ සිසුන් පැරිසක් පැමිණ රුපියල් 20.00ක් ඉල්ලා ඇත. එම මුදල ලබා දිය නොහැකි බව පැවසීමත් සමඟ ඔහුට වට වී පහර දී තිබේ.

මෙම පහර දීමෙන් බරපතල ලෙස ඇස අවට තැලීම් තුවාල සහිතව නාසයෙන් ලේ වහනය වීම නිසා නාගොඩ රෝහලට ඔහු ඇතුළත් කෙරිණි. පසුව එම රෝහලෙන් ප්‍රතිකාර ලබා නැවත නිවසට පැමිණිය ද යළි ලේ වහනය වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව දෙමාපියෝ කියති. ජයවර්ධනපුර රෝහලේ දී සැත්කමකට ලක්කළ සිසුවා මේ වනවිට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පැමිණිලි කළ පසු පහරදුන් බවට සැකපිට සිසුන් 03 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!